ප්‍රමිතියෙන් තොර ටින් මාළු අල්ලන්න වැටලීම් ආරම්භ කරයි

2018-06-02 01:05:00       681
feature-top
ප්‍රමිතියෙන් තොර ටින් මාළු සම්බන්ධයෙන් වැටලීම් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

චීනයෙන් ආනයනය කරන ලද ටින් මාළු තොඟයක් පරිභෝජනයට නුසුදුසු බවට සිදු කළ පරික්ෂණවලදී අනාවරණය වී ඇති බව එම සංගමය සදහන් කළේය.

මේ වන විටත් එම ටින් මාළු වෙළඳපලේ අලෙවියට තමා ඇති අතර එවා වැටලීම සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 1500කට වැඩි පිරිසක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර  බාලසූරිය මහතා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »