පළාත් පාලන නියෝජිතයන්ට අධ්‍යාත්මික සංවර්ධන වැඩමුළු මාලාවක් පැවැත්විමට ජනාධිපති උපදෙස් දෙයි

2018-06-02 12:38:00       684
feature-top
රට තුළ යහපත් පළාත් පාලන ආයතන ව්‍යුහයක් ස්ථාපිත කිරිම වෙනුවෙන් දිවයිනේ සියලු පළාත් පාලන ආයතන නියෝජිතයින් සඳහා ආධ්‍යාත්මික සංවර්ධන වැඩමුළු මාලාවක් පැවැත්විමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබේ.

මෙතෙක් පළාත් පාලන ආයතන භෞතික සම්පත් සංවර්ධනය සඳහා පමණක් ක්‍රියාත්මක වූ බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එමෙන්ම මිනිසුන්ගේ ගුණවත්කම් සහ යහපත්කම් සංවර්ධනය කරමින් යහපත් සමාජයක් ගොඩනැගීමට දායකත්වය ලබා දෙන කේන්ද්‍රය ස්ථානයක් බවට පළාත් පාලන ආයතන ඉදිරියේදී පත්විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පොලොන්නරුව දිස්ත්‍රික් නව පළාත් පාලන නියෝජිතයින් සඳහා පැවැති වැඩමුළුවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »