ගුද මාර්ගයේ හංගපු රත්‍රං කුට්ටි 10ක් රේගුවෙන් අල්ලයි

2018-06-02 12:37:00       684
feature-top
රත්තරන්  කුට්ටි 10 ක් සිරුරේ ගුද මාර්ගයේ සගවා ගනිමින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ව්‍යාපාරිකයෙකු අද(02) අලුයම කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකි වන අතර ඔහු නිතර ගුවන් ගමන් වල යෙදෙන්නෙකු බවද රේගු නිලධාරීන් විසින් පවත්වන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන තිබේ.
                     
ඔහු අද අලුයම 4.50ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වර්තා වෙයි.
                 
ඔහු විසින් රුපියල් හැට නව ලක්ෂ හැට දහසක් වටිනා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 160 බර වූ මෙම රන් කුට්ටි 10 ක් මෙසේ සිරුරේ ගුද මාර්ගයේ සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ජගත් ඔබේසේකර සහ ජයන්ත ඒකනායක , රේගු අධිකාරී කමල් සෙනෙවිරත්න යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


(under the courtesy of adaderana.lk news web)

More News »