බැඳුම්කර සල්ලි ගත් 118 දෙනාගේ නම් ලබන සතියේ හෙළිවෙන හැටි මෙන්න

2018-06-02 09:14:00       670
feature-top
බැදුම්කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 118 දෙනාගේ නම් ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ලබන සඳුදා හෝ අගහරුවාදා අදාළ නම් ඉදිරිපත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

කතානායක කරූ ජයසූරිය මහතාද මේ පිළිබදව නීතිපතිවරයාගෙන් කරුණු විමසීමක් සිදුකර තිබෙනවා. බැදුම්කර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 118 දෙනාගේ නම් හෙළි කිරීම සදහා නීතිපතිවරයාගේ උපදෙස් පතන බවද ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු  ඊයේ ප‍්‍රකාශ කළා. ඒ අනුවයි මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ගේ නාමලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ.
 

(under the courtesy of nethnews.lk news web)

More News »