වෛරස් උණෙන් මාස 08 ක බිළිදෙක් මරුට : පසුගිය මාසේ මරණ 14 ක්

2018-06-01 05:23:00       672
feature-top
වෛරස් උණ වැළදිමෙන් මියගිය කුඩා දරුවන්ගේ සංඛ්‍යාව මේ වනවිට 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ  ඉකුත් 30 වැනිදා රාත්‍රියේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සක්තාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් මාස අටක පිරිමි දරුවෙකු මියගොස් ඇති අතර එම දරුවා සති හයක පමණ කාලයක් ළමා දැඩිසත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

මියගිය දරුවා වලස්ගල ප්‍රදේශයේ සිට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා. මියගිය එම දරුවා, නිවුන් දරුවන් දෙදෙනා ගෙන් එක් අයෙක් බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කලේ.

මැයි මස 01 වැනි දින සිට මැයි  31 දක්වා අතර කාලය තුලදි කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩිසත්කාරක ඒකකයේ හා ළමා වාට්ටුවල ප්‍රතිකාර  ලබමින් සිටි කුඩා දරුවන් 13 දෙනෙකු  ඉන්ෆලුවන්සා ඇඩිනෝ ඇතුළු වෛරස් කිහිපයක් හේතුවෙන් මියගොස් ඇති බවට අනාවරණය වි ඇති බැව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක පවසනවා. 

මේ අතර කරාපිටිය ළමා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එක් දරුවෙකු උණ රෝගය උත්සන්න වීම නිසා රිජ්වේ ළමා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙන බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා කියා සිටියා.

වෛරස් උණ රෝගයට ලක්විමෙන් මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අට දෙනෙකු, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල දරුවන් තිදෙනා බැගින් මියගොස් ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

More News »