කාබනික වී වගාවේ නිරත වන ගොවීන්ට බිත්තර වී රජය මඟින් නොමිලේ

2018-06-01 05:08:00       707
feature-top
මෙවර මාස් කන්නයේ සිට කාබනික වී වගාවේ නිරත වන ගොවීන්ට අවශ්‍ය බිත්තර වී රජය මඟින් නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඊට අමතරව එම වගාව සඳහා අවශ්‍ය වන යන්ත්‍ර සූත්‍ර  පහසුවෙන් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරිම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වස විසෙන් තොර කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරිම සදහා “සෙමා” ආයතනය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කළ වැඩසටහනක සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පසුගිය වසර තුළ කාබනික වගාවේ නිරත වන ගොවීන් සංඛ්‍යාව 5000 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉදිරි මහ කන්නය වන විට එම සංඛ්‍යාව අවම වශයෙන් 20,000ක් දක්වා ඉහළ නැංවීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගත යුතු බවයි මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය. 

(under the courtesy of adaderana.lk news web)

More News »