පඩි වැඩි නොකිරීමට විරෝධය පළකරමින් විරෝධතාවය

2018-06-01 04:17:00       674
feature-top
ජාතික ජලසම්පාදන මණ්ඩලයේ සේවය කරනු ලබන සේවකයින් 12000 කට පමණ වසර තුනකට වතාවක් ලබා දෙනු ලබන පඩි වැඩිකිරීම සිදු නොකිරීමට විරෝධය පළකරමින් බස්නැවතුම්පොළ ඉදිරිපිටදී  විරෝධ තාවයක් පවත්වන ලදි.

දීප ව්‍යාප්තව සිදුකළ විරෝධතා මාලාවට  සමගාමීව ජලසම්පාදන මණ්ඩලයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩ බිම්  113 ක හා ප්‍රාදේශීය ඉංජිනේරු හා ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් සේවකයින් විසින් අද(01) පෙරවරුවේ හම්බන්තොට නගරයේදී පවත්වන ලදි.

ජලසම්පාදන මණ්ඩලයේ සේවකයින් හට  පසුගිය 2015 වසරේ සිට 2018 වසර තෙක් ලැබිය යුතු 33.5 % පඩි වැඩිකිරීමක් සිදු විය යුතු වුවත් ඉන් 25% ක් ලබා දෙන ලෙස සේවකයින් රජයෙන් ඉල්ලා සිට තිබේ. 

නමුත් එය දේශපාලන පොරොන්දුවක් පමණකට සිමා වූ හෙයින් 2018 ජනවාරි මස සිදුක්රිමට ගිය විරෝධතාවයේදී අමාත්‍ය වරයා මෙය ලබා දෙන බවට ලිකිතව පොරොන්දු වී ඇති බව  ජලසම්පාදන මණ්ඩලයේ සේවක වෘත්තීය සමිති පෙන්වා දෙයි.

කෙසේනමුත් එය තවත් දේශපාලන පොරොන්දුවක් ලබා දී සේවකයින් රැවටු බවත් නැවත පසුගිය මැයි මස 22 දින අදාළ දීමනා හිග වැටුප් ද සමග මැයි මස 30 වනදිනට ගෙවන බවට පොරොන්දු වුවත් මේ වන තෙක් එම දීමනා ලබා නොදීමට විරෝධය පාමින් තමන් ඇතුළු සේවකයින් මෙලෙස විරෝධතාවය දක්වන බව  ජලසම්පාදන මණ්ඩලයේ කම්කරු සේවක සංගමයේ සභාපති ජානක සුදුසිංහ මහතා පවසයි.

කෙසේනමුත් මේ සම්බන්ධයෙන් රජය නිසි විසදුමක් ලබා නොදුන්නොත් සියලු සේවකයින් පාරිභෝගික ජනතාවට ගැටළුවක් නොවන ලෙස අකුරට වැඩ වර්ජනක් දක්වා ගෙන යන බව ද හෙතෙම කියා සිටියේය.

(under the courtesy of adaderana.lk news web)

More News »