නීති විරෝධීව රන් බිස්කට් ගෙන ආ පෝලන්ත ජාතිකයෙකුට ලැබුණු දඬුවම

2018-06-01 03:51:00       672
feature-top
නීති විරෝධීව ශ‍්‍රී ලංකාවට රන් බිස්කට් 100ක් රැගෙන ආ පෝලන්ත ජාතිකයාට ශ‍්‍රී ලංකා රේගුව රුපියල් ලක්ෂ 50ක දඩ මුදලක් නියම කර තිබෙනවා. හැට හැවිරිදි අදාළ පෝලන්ත ජාතිකයා කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැණුනේ ඊයේ (31) උදෑසනයි. 

ඔහු සතුව තිබී සොයාගත් රන් බිස්කට් තොගයේ වටිනාකම රුපියල් හය කෝටි හැත්තෑපන් ලක්ෂයක්. එම රන් බිස්කට් තොගය රාජසන්තක කිරීමට ගුවන් තොටුපල රේගුව කටයුතු කර තිබෙනවා. 

අදාළ පෝලන්ත ජාතිකයා පසුගිය මාසයක කාලය තුළ 06 වතාවක් පමණ ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බවයි රේගුව කළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. 

(under the courtesy of nethnews.lk news web)

More News »