එබෝලා වෛරසය වසංගතයක් ‍වෙයි-මිය ගිය ගණන 27ක් දක්වා ඉහළට

2018-05-24 12:03:00       809
feature-top
කොංගෝ රාජ්‍යයේ  ග්‍රාමීය ප්‍රදේශවල පැතිර යන එබෝලා වෛරසයට ගොඳුරු වීමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 27 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය මේ වන විට වසංගත තත්ත්වයකට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එබෝලා ආසාදිත බවට සැක කෙරෙන තවත් රෝගීන් හත්දෙනෙකු කොංගෝ රාජ්‍යයෙන් හමුවී තිබේ.

ඒ අනුව එරටින් තහවුරු වී ඇති එබෝලා ආසාදිතයින් සංඛ්‍යාව 28ක්.

තවත් රෝගීන් 21 දෙනෙකුට එබෝලා වැළඳී ඇති බවට සැක පල කෙරෙයි.

ඉදිරි සති කිහිපය තුළදී වෛරසය නාගරික ප්‍රදේශ වෙත පැතිර යාමේ අවධානමක් මතුව ඇති බවත් සඳහන් වෙයි.

(under the courtesy of adaderana.lk news web)

More News »