පක්ෂ නායක රැස්වීම අද

2018-05-17 08:40:00       539
feature-top
පක්ෂ නායක රැස්වීම අද (17) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 11.30ට පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීම හේතුවෙන් අක්‍රිය වුණු කාරක සභා යලි පිහිටුවීම සම්බන්ධයෙන් ද පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිතය.

(under the courtesy of adaderana.lk news web)

More News »