ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු පුටුවකට නම් දෙකක් යෝජනා කරයි

2018-05-16 02:19:00       534
feature-top
ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකාර ධුරය සඳහා නම් දෙකක් යෝජනා වී තිබෙනවා.

මේ වන විට එම ධුරයේ අසංක ගුරුසිංහ කටයුතු කරන අතර ඔහු කි‍්‍රකට් ආයතනයේ තවත් තනතුරු කිහිපයක් දරන බැවින් ඔහු ඉන් ඉවත් කර වෙනත් අයෙකු ඊට පත් කිරීමටයි කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව ඇත්තේ.

අසංක ගුරුසිංහ මේ වන විට කි‍්‍රකට් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සහ තේරීම් කමිටු සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කරනවා. සයිමන් විල්ස්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉහළ දක්ෂතා කළමනාකාර තනතුරුටද අසංක ගුරුසිංහ ඉකුත්දා පත් කෙරුණා.

කි‍්‍රකට් ආයතනයේ උප ලේකම් රවීන් වික‍්‍රමරත්න සහ බ්‍රෙන්ඩන් කුරුප්පු කළමනාකාර ධුරයට යෝජනා වී ඇති බවයි කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

බ්‍රෙන්ඩන් කුරුප්පු මීට පෙරද ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් බටහිර කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසු කි‍්‍රකට් කළමනාකාර ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

More News »