සුරාබයා නුවර පිපිරීම් මාලාවක් (VIDEO)

2018-05-13 01:30:00       761
feature-top
ඉන්දුනීසියාවේ සුරාබයා නුවර පිහිටි කි‍්‍රස්තියානි දේවස්ථාන 03ක් ඉලක්ක කර මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ ප‍්‍රහාරවලින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. තුවාල ලැබූ පුද්ගලයින් 35 දෙනෙකු රෝහල් ගත කළ බවයි එරට පොලීසිය පවසන්නේ.

ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් සඳහන් කළා. ප‍්‍රහාරයට ලක්වූ එක් දේවස්ථානයක් ගිනි ගැනීමටද ලක්ව තිබෙනවා. මින් එක් දේවස්ථානයක් තුළට හෝ පිවිසීමට පොලීසියට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ. 

ප‍්‍රහාරයට ලක්වූ එක් දේවස්ථානයක් තුළට සැකකටයුතු කාන්තාවක්, තරුණයෙකු හා දරුවෙකු ඇතලූ වී ඇති අතර පිපිරීම සිදුව තිබෙුණේ ද ඒ සමගයි.  ප‍්‍රහාරය එල්ලවූ තවත් දෙවස්ථානයක් ඉදිරිපිට පුපුරා ගිය යතුරු පැදියක කොටස් දැකගත හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ ආසන්න්යේ පිහිටි තවත් දේවස්ථානයකට ප‍්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු පිළිබඳව ඉන්දුනීසියානු බලධාරීන් මේවනවිට පරීක්ෂණ  සිදු කරමින් සිටිනවා. කෙසේ වෙතත් මෙම ප‍්‍රහාර මාලාවේ වගකීම මෙතෙක් කිසඳු පාර්ශ්වයක් විසින් භාරගෙන නැහැ. 




More News »