විශ්වවිද්‍යාල සත් සාමාජික රග්බි ලෝක ශූරතා තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවත්

2018-05-09 10:09:00       581
feature-top
විශ්වවිද්‍යාල සත් සාමාජික රග්බි ලෝක ශූරතා තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සුදුසුකම් ලබා සිටියි.

ලෝක ශූරතා තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල රග්බි සංචිතයක් සහභාගී වන ප්‍රථම අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.

රජරට විශ්වවිද්‍යාලයේ ඊ.එච්.ජී.එල්.යූ. පීරිස් මෙවර ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සත් සමාජික රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම තරගාවලිය ජූලි මස 12 වන දා සිට 14 වන දා දක්වා නැමීබියා දේශයේ ස්වාකප්මුන්ඩ් අගනුවරදී පැවැත්වේ.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »