රජයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්තිය රුපියල කඩා වැටෙන්න හේතුවෙලා – ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

2018-05-02 10:27:00       365
feature-top
රුපියලේ කඩා වැටීමට ප්‍රධානතම හේතුව රජයේ දුර්වල ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය බව කොළඹ විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. අද දෙරණ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“පසුගිය වසරේ ආර්ථික වර්ධණ වේගය 3.1% ක්. ප්‍රතිපත්තිවල දුර්වලතාවන් හා නිතර වෙනස්වන ප්‍රතිපත්ති තත්ත්වයන් යටතේ මේ ආකාරයට රුපියල අවප්‍රමාණය වීමක් සිදුවුණා.“

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන උපදෙස් විශාල වශයෙන් පිළිපදිමින් පසුගිය කාලපරිච්ඡේදයේ දී ආණ්ඩුව කටයුතු කළා. ඒ වගේම ආනයන ආදේශන කාර්මීකරණය සම්බන්ධයෙන් අරගෙන තිබුණු ප්‍රතිපත්ති නවතා දැමීම වැනි කරුණු හේතුකොට ගෙන ඩොලර් ඉල්ලුම ඉහළ ගියා, නමුත් සැපයුම ඒ මට්ටමෙන් ඉහළ ගියේ නැහැ.“

“අපනයන කඩා වැටීම්, විදේශ ආයෝජන පහළ යාම්, වැනි අංශවල බලපෑම් හේතුකොට ගෙන සමස්තයක් විදියට අද මෙවැනි තත්ත්වයකට රුපියල් අවප්‍රමාණය වෙලා තිබෙනවා.“

ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

(under the courtesy of adaderana.lk news web)

More News »