වසර 1300 ක් පැරණි මිනිස් අස්ථි කොටස් හමුවෙයි

2018-04-25 09:50:00       711
feature-top
වසර 1300ක් පමණ පැරණි මිනිස් අස්ථි කොටස් කිහිපයක් පේරු රාජ්‍යයෙන් හමුවී තිබේ.

සොහොන් බිම් දෙකකින් මෙම අස්ථි කොටස් හමුවී ඇති බව වාර්තා වෙයි.

පේරු රාජ්‍යයේ ලීමා අගනුවරට ආසන්න ප්‍රදේශයකින් මෙම අස්ථි කොටස් සොයාගෙන තිබේ.

වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ සහ ළදරුවෙකුගේ බවට සැක කළ හැකි මිනිස් අස්ථි ඒ අතර වන බව වාර්තා වෙයි.

එම අස්ථි ලීමාහි විසූ ස්වදේශික ජන කොට්ඨාසයක අවසන් පුද්ගලයින් කණ්ඩායමකට අයත් බවට පුරාවිද්‍යාඥයින් පවසයි.

මෙම අස්ථි උපයෝගි කර ගනිමින් අදාළ ජන කොට්ඨාසය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් සඳහන් වෙයි.

(under the courtesy of adaderana.lk news web)

More News »