සන්රයිසස් පරදා චෙන්නයි සුපර් කිංග්ස් ජය ලබයි

2018-04-23 01:24:00       758
feature-top
ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(23) පැවැති තවත් තරඟයකින් ජය ගැනිමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කරමින්.

හයිද්‍රාබාද්හි පැවැති මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දිමේ අවස්ථාව චෙන්නායි කණ්ඩායමට ලබා දුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් පමණක් බිඳ වැටී ලකුණූ 182ක් ලබා ගත්තේය.

එම ඉනිම වෙනුවෙන් අම්බටි රයිදු පන්දු 37ක් තුළ ලකුණු 79ක් ලබා ගැනිමට සමත් විය.

ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය හයිද්‍රාද්බාද් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් බිඳ වැටී ලබාගත හැකි වුයේ ලකුණු 178ක් පමණයි.

(under the courtesy of adaderana.lk news web)

More News »