ට්‍රම්ප් වැඩ කරන්න ඕන විදිය ගැන ප්‍රංශ ජනපතිගෙන් ප්‍රකාශයක්

2018-04-23 01:23:00       712
feature-top
ඉරානය සමඟ ඇති කරගෙන ඇති න්‍යෂ්ටික ගිවිසුම තවදුරටත් පවත්වා ගෙන යාමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළ යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසයි.
 
මැක්‍රෝන් අද(23) අමෙරිකාවේ තුන් දින සංචාරයක් ආරම්භ කරන අතර ඊට පෙර විදෙස් පුවත් සේවාවක් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
  
ඉරානය විසින් සිදුකරන න්‍යෂ්ටික අත්හදාබැලීම් සීමා කිරීම හා ඒ වෙනුවෙන් ඉරානයට අමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම පදනම් කරගනිමින්  අමෙරිකාව හා ඉරානය අතර ගිවිසුමක් පවතියි.

කෙසේ වෙතත් අදාළ ගිවිසුම උල්ලංගණය කර ඇති බවට චෝදනා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ගිවිසුම අවලංගු කර නැවත ඉරානයට එරෙහිව සම්බාධක පනවන බවයි.

(under the courtesy of adaderana.lk news web)

More News »