සැසිවාරය අවසන් කිරීමෙන් වූ හදිය

2018-04-17 03:47:00       295
feature-top
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා දහයක පමණ කටයුතු අහෝසි වන බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය  මහ‍ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා කියා සිටියේ දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ පනත් කෙටුම්පතක්ද පෞද්ගලික මන්ත්‍රී යෝජනාද, සැසිවාරය අවසන් කිරීමත් සමඟ අහෝසි වන බවයි.
අපරාධ මැඩපැවැත්වීම, ගුවන් සමාගම් අති විශාල ලෙස පාඩු ලැබිම, සහ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද විශේෂ කාරක සභාද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබූ අතර ඒවාද මේ අනුව අහෝසි වන බව පැවසේ.
 
මේ සමඟ අහෝසි වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාද නැවත සකස් කර ඉදිරිපත් කළ යුතු බව මේ අතර වාර්තා වේ.
 
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ලබන 08 දා ආරම්භ වන අතර අහෝසි වූ කාරක සභා සඳහා එදිනම සභාපතිවරයා ඇතුළු සාමාජික මණ්ඩලයක් පත්කර ගත යුතුය.
 
මේ අතර ආංශික අධීක්ෂණ කමිටුව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව පමණක් අහෝසි නොවන බවද නියෝජ්‍ය මහ‍ලේකම්වරයා කීය.
 
ශ්‍රී  ලංකා  පාර්ලිමේන්තුවේ  පළමු සැසිවාරය අවසන් කෙරෙන ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 12 දා අත්සන් තබා ඇත.

(under the courtesy of srilankamirror.lk news web)

More News »