මැතිවරණ රාජකාරි කළ ගුරුවරුන්ට තාමත් දීමනා ගෙවා නෑ

2018-04-16 03:08:00       533
feature-top
පළාත් පාලන මැතිවරණයේ රාජකාරි කළ ගුරුවරුන්ට මෙතෙක් රාජකාරි දීමනා ගෙවා නැති බව ලංකා ගුරු සංගමයේ සභාපති ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.
කෙසේවුවද, මැතිවරණ කොමිෂන් සභාව කියා සිටින්නේ මැතිවරණ රාජකාරියේ නිරත සියලු නිලධාරීන්ට අදාළ ගෙවීම් කළ බවයි.
 
මේ අතර, ස්ටාලිං මහතා පවසන්නේ දැඩි නීති රීති යටතේ ගුරුවරුන් රාජකාරියේ යෙදවූ නමුත් දීමනා ගෙවීමට අදාළ අංශ කටයුතු කර නැති බවයි.
 
ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ කලාප අධ්‍යාපන කාර්යාලවල ප්‍රමාදයන් හේතුවෙන් මේ තත්ත්වය ඇතිව ඇති බවයි.
(under the courtesy of srilankamirror.lk news web)

More News »