වන අලීන් ගම් වැදිලා නිවාස දෙකකට අලාභ හානි කරලා
2018-04-16 02:26:00  ★ 117

සුරීයවැව, මහගල්ලෑව ප්‍රදේශයට සහ මහවැව ප්‍රදේශයට වන අලි පිරිසක් කඩා වැදී නිවාස දෙකකට අලාභ හානි කළ ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
මහවැව ප්‍රදේශයේදී මෙලස වන අලින් කඩාවැදී ඇත්තේ පසුගිය කාලයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ ඉදිකර ඇති නිවාසයකට බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රදේශවාසීන් පවසන ආකාරයට ප්‍රදේශයේ ආරක්ෂාවන අයුරින් අලි වැටක් ඉදිකර තිබුනද එම අලි වැටද ක්‍රියා විරහිත කළ ඇති බවයි.
මේ ගම්මාන නිතර වන අලි තර්ජන පවතින ගම්මාන වන අතර ගම්වාසීන් විසින් ප්‍රදේශය භාර වනජීවී කාර්යාලයට පැමිණිලි කළද වනජීවී නිලධාරීන්ගේද කිසිදු අවධානයක් ලක් නොවන බව ගම්වාසීන් වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර සුරීයවැව, අන්දර, වල්සපුගල ප්‍රදේශවාසීන් සැම දිනකම රත්‍රී කාලය තුළ වන අලීන් පැමිණෙන අලි මංකඩවල් අවහිර කරමින් ගිනිමැල ගසාගෙන තම ගම්මානය ආරක්ෂා කරන බව ප්‍රදේශවාසින් පවසයි.
තවද වල්සපුගල ප්රෙද්ශවාසීන්ද තවමත් රැය පහන් කරන්නේ ගස්වල අටවාගත් පැලවල වන අතර ඔවුන් පත්ව ඇති තත්ත්වට තවමත් බලධාරීන් විසඳුම් ලබාදී නොමැති බව ගම්වාසීන් පවසයි.
(under the courtesy of adaderana.lk news web)
රටේ බලය පොහොට්ටුව අල්ලන බව බැසිල් කියයි
2018-04-19 08:09:00හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමණාකරු අත්අඩංගුවට
2018-04-19 07:20:00එජාපයේ තනතුරු වෙනස ගැන තීන්දුව අද !
2018-04-19 05:21:00ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සන්නිවේදන මෙවලම ඉංග්‍රීසි භාෂාවයි
2018-04-19 05:10:00සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්රතිලාභ පුළුල් වෙයි
2018-04-19 05:04:00යාපනයේ නිදහස් කළ ඉඩමක තිබී බෝම්බ තොගයක් හමුවෙයි
2018-04-19 04:44:00මැයි 1 නිවාඩුව අවලංගුයි-මැයි 7 රජයේ හා බැංකු නිවාඩු දිනයක් වෙයි
2018-04-19 04:41:00බැඳුම්කරයට රටම හොයන අර්ජුන් මහේන්ද්‍රන් නිදහසේ සිංගප්පුරූවේ ? ඡායාරූප මෙන්න .!
2018-04-19 04:24:00තෙල් මිල ගැන තීරණය ගන්නේ අගමැති හා ජනාධිපති
2018-04-19 04:04:00පාපන්දු ලොක්කෙක් අත්අඩංගුවට !
2018-04-19 03:40:00ලෝක උරුම වනබිම රැකගන්න අලුත් වැඩක්
2018-04-19 03:27:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com