බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටී 4ක් පිළිස්සි බරපතළයි-තුවාලකරුවන් බේරා නොගෙන මිනිස්සු සෙල්ෆි ගහලා

2018-04-16 01:49:00       368
feature-top
තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට මිරිජ්ජවිල මංසන්ධියේ දී අද උදෑසන 9.30ට පමණ කොළඹ සිට හම්බන්තොට බලා යමින් සිටි බස් රථයක්  හම්බන්තොට දෙස සිට පැමිණි ත්‍රීවිල් රථයක ගැටීමෙන් එම අවස්ථාවේ දී ත්‍රීවිල් රථය සහ බස් රථය ගිනි ගෙන ත්‍රීවිල් රථයේ ගමන් ගත් හතර දෙනෙකු පිළිස්සීමෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරට පත් ත්‍රීවිල් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන තිබේ. 

මෙම සිද්ධියෙන් බස්රථයට ද අලාභහානි සිදු වී ඇති අතර බස් රථයේ ගමන්ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.

මෙසේ අනතුරින් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ එකම පවුලේ මව, පියා, සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන අතර ඔවුන් වයස අවුරුදු 1ක හා අවුරුදු 8ක් පමණ වන වයස්වල පසු වන කුඩා දරුවන් දෙදෙනෙකු  වේ.

අනතුරට පත් ත්‍රීවිල් රථය හසලක ප්‍රදේශයට අයත් එකක් වන අතර බස් රථයේ රියදුරු පොලීසියට භාර වී ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හම්බන්තොට පොලීසිය මඟින් සිදු කරනු ලැබේ.

කෙසේනමුත් සිද්දිය ඇසින් දුටු ප්‍රදේශ වාසින් මෙන්ම අනතුරටපත් අයගේ ජිවිත බේරාගැනීමට කටයුතු කළ අය පවසා සිටියේ මිනිසුන් ගින්නට හසුවී සිටින විටත් එතනට පැමිණි බොහොපිරිස් ඔවුන් බේරාගැනීමට කටයුතු නොකර ජංගම දුරකථන මඟින් ඡයාරුප ගනිමින් සිටි බවයි.

එමෙන්ම මෙම අනතුර සිදු වූ මිරිජ්ජවිල නව මාර්ගය සම්බන්ධවන මංසන්දිය තුළ රිය අනතුරු රාශියක් මේ වන තෙක් සිදු වී ඇති බවත් එම නිසා එම ස්ථානයට නිසි වටරවුම් මාර්ගයක් සැකසිය යුතු බවයි.

(under the courtesy of adaderana.lk news web)

More News »