ගාලු මුහුදේ අනතුරට පත් රුවල් නැවක් නාවික හමුදාවෙන් මුදා ගනී

2018-04-16 01:07:00       261
feature-top
ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 72 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත්ව තිබූ සැන්ඩ්ටී (Sandetie) විදේශිය රුවල් යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

ඒ, නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදේ නිරීක්ෂණ නෞකාවක් වන සයුරළ නෞකාව මගිනි.

රුවල් යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් එම යාත්‍රාව අනතුරට පත්ව තිබුණි.

මෙම අනතුර සම්බන්ධයෙන් නාවික හමුදාවට තොරතුරු ලද විගස සයුරළ නෞකාව විපතට පත් නාවිකයින් සහ රුවල් යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කළේය.

ඉන් අනතුරුව සයුරළ නෞකාව මගින් එම නාවිකයින් සහ රුවල් යාත්‍රාව ආරක්ෂාකාරී ලෙස මුදවා ගැනීමට කටයුතු කෙරිණි.

යාත්‍රාව නිරුපද්‍රිත ලෙස රැගෙන ඒමෙන් අනතුරුව නාවිකයින් සහ රුවල් යාත්‍රාව ගාල්ල වරායේ පෞද්ගලික නාවික ආයතනයක් වෙත භාර දීමට කටයුතු කර තිබේ.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »