අගමැති කැපූ තුන්ලක්ෂයේ කේක් ගෙඩිය !

2018-04-16 11:44:00       590
feature-top
නුවර එළිය ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ සංවිධාන කර තිබූ දිගම කේක් ගෙඩිය කැපීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අර්තාපල් මුසු කොට නිමවා තිබූ  එම කේක් ගෙඩිය චොක්ලට් පොටෑටෝ කේක් ලෙස නම් කර ඇත.
 
මීටර් 111ක දිගින් යුතු වූ මෙම කේක් ගෙඩියේ බර කිලෝග්‍රෑම් 380කි. 
 
අර්තාපල් කිලෝ ග්‍රෑම් 75ක්, අර්තාපල් පවුඩර් කිලෝ ග්‍රෑම් 25ක්, සීනි කිලෝ ග්‍රෑම් 70ක්, චොක්ලට් කිලෝ ග්‍රෑම් 40ක් සහ  බිත්තර 900ක් මේ සදහා යොදා ගෙන තිබුණි. 
 
ඊට වැය කෙරුණු මුදල රුපියල් තුන් ලක්ෂ දස දහසකි. 
 
ඒ සඳහා ඊස්ට් රෙස්ට් සමාගම අනුග්‍රහය ලබාදී තිබිණි.
 
මෙම කේක් නිර්මාණය සදහා ප්‍රධාන සූපවේදී විරාජ් ජයරත්න මහතා ප්‍රමුඛ සූපවේදීන් පනස් දෙනෙකු පමණ සහභාගී වුහ. 
 
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධණ අධිකාරියේ සභාපති කාවන් රත්නායක , නුවර එළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න, ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී රිෂාන් රසීම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහාගිවී සිටියහ.

(under the courtesy of srilankamirror.lk news web)

More News »