බස් අනතුරෙන් ළමුන් 27ක් මියයයි

2018-04-10 10:43:00       273
feature-top

ඊයේ සවස (09) ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පාසැල් බස්රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙහි ගමන් ගත් පුද්ගලයන් බහුතරය වයස අවුරුදු 10ට අඩු බව වාර්තා වේ.

අනතුරින් මියගිය පුද්ගලයන් අතර ළමුන් 27 දෙනෙකු මෙන්ම ගුරුවරුන් දෙදෙනෙකු හා බස්රථයේ රියදුරා ද සිටින බව විදෙස් වාර්තා සදහන් කරයි.

ඇසින් දුටු සාක්ෂි වලට අනුව මාර්ගයේ වංගුවක් හරහා ගමන් කරන අතරතුර, බස්රථය මාර්ගයෙන් ලිස්ස් අඩි 200ක පමණ ප්‍රපාතයකට වැටී තිබේ.


(under the courtesy of srilankamirror.lk news web)

More News »