දින 16 බිළිඳා වඳුරෙක් පැහැරගෙන ගිය හැටි

2018-04-02 09:11:00       545
feature-top
දින 16ක් වයසැති බිළිදෙකු වඳුරෙකු විසින් පැහැරගෙනයාමේ පුවතක් ඉන්දියාවේ ඔදිසා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

සිය මව සමඟ නිවසේ නිදා සිටි බිළිදෙකු එම නිවසට ඇතුළු වූ වදුරෙකු විසින් මෙලෙස රැගෙන ගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

වඳුරා විසින් බිළිදා අසල පිහිටි කැලෑවකට රැගෙන යන ආකාරය මව දැක ඇති අතර මවගේ කෑ ගැසීමත් සමඟ අසල්වාසීන් එක්ව බිළිදා සෙවීමට කටයුතු කර තිබුණ ද  බිළිදා සොයා ගැනිමට නොහැකි වී ඇති බව සදහන්ය.

ඒ අනුව වනජිවි නිළධාරින් දැනුවත් කිරිමට ඔවුන් පියවර ගැනිමෙන් පසු දරුවා සෙවිම සදහා කණ්ඩායම් කිහිපයක් යෙදවීමට එරට වනජිවි දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

අදාල ප්‍රදේශය වඳුරන් නිරන්තරයෙන් ගැවසෙන ප්‍රදේශයක් වන අතර පසුගිය දින කිහිපය තුළ පුද්ගලයින් කිහිප දෙනෙකු වඳුරන්ගේ ප්‍රහාරවලට ලක්වීමෙන් තුවාල ලබා  තිබූ බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »