සිරිපා කරුණාවට මත් ද්‍රව්‍ය රැගෙන ආපු අයට වැඩ වැරදුන හැටි

2018-04-01 02:57:00       605
feature-top
සති අන්ත දිර්ඝ නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරැණයන් තිස්හයදෙනෙකු හැටන් පොලිස් ඊයේ (31.03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

එම නිලධාරින් හැටන් වටවල දියගල පොලිස් මාර්ග බාධකයෙදි හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ කෝරා සුනඛයාගේ සහයෝගය ඇතිව සිදු කරන ලද හදිසි පරික්ෂාවකදි මෙම සැකකරැවන්  සන්තකයේ හෙරෝයින් , කේරල ගංජා සහ තිරූ බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද දුම්වැටිද තිබි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරැවන් කෑගල්ල,මාතලේ,ගාල්ල,මාතර,කලුතර, පානදුර,අව්ස්සාවේල්ල යන ප්‍රදේශවල පදිංචි අවුරැදු 18-30 වයස් කාණ්ඩවල පස්වන අය බව මෙම වැටලීම සිදුකල නිලධාරින් කියා සිටියේය .

අත්අඩංගුවට ගත් සැකකරැවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වි ගතවු මාස තුනක කාලය තුල මෙසේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදවන්දනාවේ පැමිණි සැකකරැවන් හයසිය දෙනෙකු පමණ මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර දඩ මුදල් අයකර ඇති බව හැටන් කොට්ඨාශ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතා පැවසීය.

(under the courtesy of adaderana news web)

More News »