උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය වැඩ අරඹයි

2018-04-01 02:46:00       829
feature-top
උත්සව සමය ඉලක්ක කර ගෙන පාරිභෝගික සේවා අධිකාරිය විශේෂ වෙළඳපොළ විමර්ශන සහ වැටලීම් මේවනවිටත් ආරම්භ කර තිබෙනවා. එම අධිකාරියේ අධ්‍යක්ෂ චන්ද්‍රිකා තිලකරත්න කියා සිටියේ පාරිභෝගිකයින් රැවටීමට ලක් කරන වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට සැලසුම් කර ඇති බවයි.

උත්සව සමයේදී වැඩිවශයෙන් උල්ලංඝණය වන පාරිභෝගික අයිතීන් සොයා බලා එය ආරක්ෂා කිරිමට පියවර ගන්නා බවද ඇය සඳහන් කළා.

මේ අතර එළඹෙන උත්සව සමයේදි අත්‍යාවශය පාරිභෝගික භාණ්ඩවල මිල ස්ථාවරව පවත්වා ගැනීමට උපරිම අයුරින් කැපවන බව ලංකා සතොස කියා සිටියා.

(under the courtesy of nethnews.lk news web)

More News »