අග්‍රාමාත්‍යවරයා හා මුස්ලිම් කොංග්‍රසය අතර හමුව කල්යයි

2018-04-01 02:43:00       604
feature-top
මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අග්‍රාමාත්‍යවරයා අතර අද (01) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව හෙටට (02) කල් දමා තිබෙනවා. ඒ, මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් අද (01) දිනයේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජය ගත් මඩකලපු දිස්ත්‍රික්කයේ සභිකයින් හමුවීටම ගොස් ඇති බැවින්.

ඒ අනුව ඔවුන් හෙට (02) දිනයේදී අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතයි. එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී එම හමුව සිදු වනු ඇති බවයි මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

කෙසේ වෙතත් අදාළ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග දුරකථන සංවාදයකද නිරත වී ඇති බව මුස්ලිම් කොංග්‍රසයේ එම ප්‍රකාශකයා කියා සිටියා.

(under the courtesy of nethnews.lk news web)

More News »