මාලඹේදී පොලී රොෂාන් මැරුවේ පාතාලයද බිරිඳද?

2018-04-01 12:44:00       830
feature-top
මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ව්‍යායාම මංත්‍රීරුවේදී පසුගිය 25 වැනිදා රාත්‍රී 7.00ට පමණ ව්‍යායාම් කරමින් සිටියදී ඝාතය වූ අප්පු තන්ත්‍රීගේ රොෂාන් ප්‍රේමලාල් (පොලී රොෂාන්) නැමැත්තා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පාතාලය බවට සැක පලව තිබුණද මේ වන විට එම ඝාතනයේ සැකය වෙනත් දෙසකට යොමුව ඇති බව පොලිස් ආරංචිවලින් වාර්තා වේ.
 
ඒ ඔහුගෙන් දික්කසාදවීමට හා නඩත්තු ඉල්ලා ඇති බිරිය දෙසටය.
 
ඇය කෙරේ මේ සැකය මතුව ඇත්තේ පසුගිය 27 වැනිදා රොෂාන්ගේ මව මුල්ලේරියාව පොලිසියට කළ පැමිණිල්ලක් හේතුවෙනි.
 
ඒ රොෂාන්ගේ මව සිය පැමිණිල්ල මගින් 2017 වසරේ දිනක රොෂාන්ගේ බිරිය රොෂාන්ගේ පපු ප්‍රදේශයට පිහියකින්  ඇන ඝාතනය කිරීමට උත්සාහ කළ බවත්, මේ ඝාතනයට ඇය සම්බන්ධ බවට සැකයක් ඇති බවටත් එහි සටහන්ව තිබේ.
 
එම සිද්ධියේදී රොෂාන්ගේ බිරිය අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතකර ඇති අතර පසුව ඇයව ඇප තබා බේරාගෙන ඇත්තේද රොෂාන් විසින් බව පැවසේ.
 
ඇය මෙසේ රොෂාන් ඝාතනය කරන්නේ සිය දරුවාට රොෂාන්ගේ කෝටි ගණනක් වටිනා සම්පූර්ණ දේපල ලබාදීමට බව ද රොෂාන්ගේ මව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
 
අංගොඩ ලොක්ක ගැන සැකේ මොකෝ…
 
රොෂාන් විවිධ කොන්ත්‍රාත් සම්බන්ධයෙන් මෙන්ම බර වාහන මෙරටට ගෙන්වීමේ ව්‍යාපාරයේ නිරතව සිටි අයෙක් වන අතර ඔහු ව්‍යාපාරයක් ලෙස මුදල් පොලියට දීමද කළ අයෙකි.
 
සිය ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමටත්, ඒවා පවත්ගෙනයාමටත් වරින් වර දැනට විදේශගතව සිටින අංගොඩ ලොක්කා නම් පාතාල නායකයාට මුදල් ලබාදී ඇති බව පොලිස් පරීක්ෂණ වලින් හෙළිව තිබේ.
 
කෙසේවුවද, රොෂාන් කළක සිට අංගොඩ ලොක්කාට මුදල් ලබාදීම ප්‍රත්ක්ෂේප කර තිබූ බව පැවසෙන අතර ඔහු පසුගිය කාලයේදී අංගොඩ ලොක්කාගේ දුරකථන ඇමතුමකට පවා පිළිතුරු නොදී සිටි බව පැවසේ.
 
ඒ හේතුවෙන් ඔහු අංගොඩ ලොක්කාගේ ගොලයකු විසින් ඝාතනය කළේද යන්න පිළිබඳව ද මුලින් සැක පලවී තිබිණි.

(under the courtesy of srilankamirror.lk news web)

More News »