වැඩිම වාරයක් එවරස්ට් කන්ද තරණය කිරීමෙන් ලෝක වාර්තාවක් තබන්න සුදානම් වන පුද්ගලයා

2018-04-01 09:07:00       605
feature-top
එවරස්ට් කන්ද තරණය කිරීමේ නව ලෝක වාර්තාවක් තැබිම සදහා සුදානම් වන 48 හැවිරිදි නේපාල ජාතිකයෙක් පිලිබදව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනවා.

"කිනර් කමි රීටා" වන මොහු මේවන විට සාර්ථක ලෙසින් 21 වතාවක් එවරස්ට් කන්ද තරණය කර තිබෙනවා. ඔහුට අමතරව එලෙස 21 ක් වතාවක් එම දස්කම සිදුකල තවත් නේපාල කදු නගින්නන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් මේවන විට සිය වෘතියෙන් සමුගෙන සිටින නිසා කිනර් කමි රීටා හට ලෝක වාර්තාවකට යාමට අවස්තාව උදාවී තිබෙනවා.

කිනර් කමි රිටා මුල් වරට එවරස්ට් කන්ද තරණය කර ඇත්තේ 1994 වසරේ මැයි මාසයේදී. වෘත්තිමය ෂර්පාවරයෙක් වන කිනර් කමි රීටා මේ වන විට එවරස්ට් කන්ද තරණය කිරීම සදහා අත්දැකිම් බහුලම පුද්ගලයාද වනවා.

මෙවර සිය ලෝක වාර්තාව කරා යන ගමනේදී ඔහු විසින් කදු නගින්නන් 29 දෙනෙකුට මාර්ගෝපදේශකත්වය සපයනවා. එම කණ්ඩායමට ඇමෙරිකානු සහ ජපාන කදු නගින්නන්ගෙන් සමන්විත කණ්ඩායමක් බවයි වාර්තා වන්නේ.

" දේශගුණය යහපත්ව තිබුනොත් මට එම වාර්තාව කරා යන්න හැකියාව ලැබෙයි. ෂර්පාවරුන් සහ නේපාල ජාතියට මේ වාර්තාවත් සමග ආඩම්බරයක් ගෙන එන්නයි මට අවශ්‍ය. මම ලෝක වාර්තාවකට ගියත් මම උත්සහ කරනවා අඩුම තරමින් 25 වතාවක් එවරස්ට් කන්ද තරණය කරන්න" මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිනර් කමි රිටා සදහන් කර සිටියා.

ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්ද මීටර් 8,848 (අඩි 29,029) ක උසකින් යුක්ත වෙනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »