අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් 60 ක් පිටත් කිරීමට රුසියාව තීරණය කරයි

2018-03-30 09:00:00       602
feature-top
රුසියාවේ අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් නිලධාරින් 60 දෙනෙකු පිටත්කර යැවීමට රුසියාව තීරණය කර තිබේ.

රුසියාවේ ශාන්ත පීටස්බර්ග්හි පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලයේ සේවය කරන අමෙරිකානුවන් පිරිසක් මෙලෙස පිටත්කර යෑවිමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් නිවේදනය කර ඇත්තේ අදාළ අමෙරිකානු නිලධාරින් පිටත්කර යවා අමෙරිකානු කොන්සල් කාර්යාලය වසාදමන බවයි.

එංගලන්තයේදී හිටපු රුසියානු ඔත්තු සේවා නිලධාරියෙකු සහ ඔහුගේ දියණිය ඝාතනය කිරිමට තැත් කිරිමේ චෝදනා එල්ලවීමත් සමඟ යුරෝපය ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබීය.

එංගලන්තයේ සිය රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් 23 දෙනෙකු පිටත්කර යැවීමත් සමඟ අර්බුදය තවත් උග්‍ර විය.

පසුගියදා අමෙරිකාව විසින් ද රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් පිරිසක් පිටත් කර යැවිමට පියවර ගෙන තිබිණි.

ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාව මෙම තීරණයට එළඹ ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරයි

More News »