ස්මිත්ටට සහ කැමරන්ට ICC ය පාඩමක් උගන්වයි

2018-03-26 10:17:00       546
feature-top
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට එක් ටෙස්ට් තරග තහනමක් සහ තරග ගාස්තුව කප්පාදුව කර තිබෙන අතර කැමරන් බැන්ක්‍රොෆ්ට් තරග ගාස්තුවෙන් 75%ක් අත්හිටුවා තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව 3වන ටෙස්ට් තරගයේ 3වන දිනයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේ.

මේ අතර ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේ නායක සහ උප නායක තනතුරු වලින් ඉවත් කළ බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව වැඩබලන නායක ලෙස ටිම් පේන් පත් කළ බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »