ඇෆ්ගනිස්ථානය - දකුණු ඉන්දීය කොදෙව්වන් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

2018-03-24 10:37:00       538
feature-top
2019 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථානය සහ දකුණු ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වී තිබේ.

ඇෆ්ගනිස්ථානය හා අයර්ලන්තය සමඟ පැවති සුදුසුකම් ලැබීමේ තරඟය කඩුලු 05කින් ජය ගැනීමත් සමඟ ඇෆ්ගනිස්ථානයට මෙම අවස්ථාව හිමි වුණි.

සිම්බාබ්වේ - හරාරේ නුවර පැවති මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 209 ක් රැස්කළේය. 

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් තුළ කඩුලු 05ක් පමණක් දැවී තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.

(under the courtesy of adaderana.lk news web)

More News »