කෝටි 5 ක වයින් සහ ෂැම්පේන් සමග අයෙක් කොටු

2018-03-23 03:24:00       726
feature-top
රුපියල් කෝටි 05 ක වටිනාකමින් යුත් මිල අධික විදේශීය මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊයේ(22) දහවල් 1ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත කොටහේන පොලිස් වසමේ කේ.සී.සිරිල්.සී.පෙරේරා මාවත ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙම විදේශ මත්පැන් තොගයේ ෂැම්පේන් සහ වයින් බෝතල් 15,431 ක් තිබි ඇත.

සැකකරු වයස අවුරුදු 44 ක් වූ ආර්.ඒ.ද මාවත, කොළඹ 3 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.

(under the courtesy of srilankamirror.lk news web)

More News »