ප්‍රියන්ත ගොඩගම ගාල්ල නගරාධිපතිධූරයට

2018-03-23 03:12:00       725
feature-top
ගාල්ල මහ නගර සභාවේ නව නගරධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා වැඩි සභික ඡන්දයෙන් තේරී පත්විය.

පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නගර සභාවට පත්වූ සහබන්දු මහතා නගරාධිපතිවරයා තේරීමේ රහස් ඡන්දයේදී ඡන්ද 20 ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපති ධූරයට නාම යෝජනා වූ ජිලිත් නිශාන්ත මහතා ඡන්ද 11ක් ලබා ගත්තේය.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා හා ස්වාධීන කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

(under the courtesy of srilankamirror.lk news web)

More News »