සාකච්ඡා අසාර්ථකයි-අනධ්‍යයන සේවකයින් නැවත වර්ජනයේ

2018-03-20 07:12:00       818
feature-top
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡා ආසාර්ථක වීම හේතුවෙන් සිය වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසයි.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සදහන් කළේ 21 වන දිනටත් සිය වැඩ වර්ජනය අද(20) දිනයේ ක‍්‍රියාත්මක බවයි.

ඊයේ(19) දිනයේ දී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අතර අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

කෙසේවෙතත් එහිදි එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව එඩ්වඩ් මල්වත්තගේ මහතා සදහන් කළේය.

කෙසේවෙතත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දිනයේ සදහන් කළේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම්වලට සාධනීය විසදුමක් අද දිනය තුළ ලබාදීමට නියමිත බවයි.

මේ අතර රජයේ මිනින්දෝරු සංගමය ද ආරම්භ කර ඇති වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබේ.

ඊයේ දිනයේ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව රජයේ මිනින්දොරු සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ මහතා සදහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »