ඉදිරි පැය කිහිපයේ තද වැසි සමග සුළං තත්වයක් : ධිවරයින්ට අනතුරු අගවයි

2018-03-19 09:17:00       817
feature-top
දිවයිනට නිරිත දෙසින් පවතින වළාකුළු පද්ධතිය සක්‍රීය විම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව ධිවරයින් හට අනතුරු ඇගවිමක් නිකුත් කර සිටිනවා.

මෙලෙස වළාකුළු පද්ධතියේ හදිසි සක්‍රීයත්වය හේතුවෙන් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් වලට ඉදිරි පැය කිහිපයේදී තද වැසි බලාපොරොත්තු වන අතර  සුළං වේගය පැයට කිලෝමිටර් 70-80 ත්  ගන්නා බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සදහන් කර සිටින්නේ.

මෙම කාලගුණ තත්වය නිසා නොගැඹුරු හා ගැඹුරු මුහුදේ ධිවර හා නාවික කටයුතුවල යෙදි සිටින පුද්ගලයින් දැඩ් අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමණාකාරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යකෂක ප්‍රදීප් කොඩ්ප්පිලි සදහන් කර සිටිනවා.

(under the courtesy of asianmirror.lk news web)

More News »