විශ්වවිද්‍යාල අනධ්‍යනයන සේවකයින්ගේ ගැටලුවට විසඳුමක් හෙට

2018-03-19 04:24:00       817
feature-top
විශ්වවිද්‍යාල අනධ්‍යනයන සේවකයින්ගේ ගැටලුවට සාධනීය විසඳුමක් හෙට(20) දිනයේ ලබා දීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊයේ(18) පස්වරුවේ  විශ්වවිද්‍යාල වෘත්තිය සමිති සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම එකඟතාවට පැමිණ ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ උපදෙස් මත රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රදතිපාදන කොමිශන් සභාව සහ මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කොට එම විසඳුම් ලබා දීමට නියමිතව තිබේ. 

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් පසුගිය පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා වැඩ වර්ජනයක නිරත වී සිටීයි. 

(under the courtesy of adaderana.lk news web)

More News »