නරියන් හා දිවියන් අඩු නිසා රිළවුන් වැඩි වෙලා

2018-03-14 05:19:00       215
feature-top
රිළවුන්ගේ සතුරා වන නරියා හා දිවියන්ගේ ගහනය අඩුවිම රිළවුන්ගේ සීඝ්‍ර වර්ධනයට හේතුවී ඇතැයි ග්‍රැපෙක් ශ්‍රී ලංකා පරිසර සංවිධානයේ අධ්‍යක්ෂක ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේය.

මාතලේ මහ දිසාපති ඩි. පි. ජි. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 මාර්තු මාසයට අදාළ මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වු අවස්ථාවේදී ගොවිසංවිධාන නියෝජිතයින් දිගින් දිගටම රිළවුන්ගේ ක්‍රියාකාරම් හේතුවෙන් වගාවන් විනාශවිම පිළිබදව කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී රිළා ගහනය වැඩිවිම පිළිබද කරුණු අනාවරණය කරමින් ජයතිස්ස මහතා එසේ පැවසීය.

එහිදී රිළවුන් පාලනය කිරිමට වනජීවි දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවරයන් පිළිබඳ මාතලේ මහදිසාපතිවරයා කරුණු විමසීමේදී වනජීවි නිළධාරීන් සඳහන් කරනු ලැබුවේ අවස්ථා කිහිපයකිදී රිළවුන් අල්ලා පිටස්තර ප්‍රදේශවෙත මුදාහැරිමට යෝජනාවුවත් ඒවා අසාර්ථක වු බවත් මෙම වසරේ සිට පශු වෛද්‍ය කාර්යාල සම්බන්ධ කරගනිමින් රිළවුන් වන්දීකරණය කිරිමේ වැඩ සටහනක් ආරම්භ කිරිමට කටයුතු කිරිමට පියවර ගෙන ඇති බව සදහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »