ජාතික‍ රෝහලේ හෘද සැත්කම් නවතී

2018-03-14 05:04:00       533
feature-top
ශ්‍රී ලංකා ජාතික‍ රෝහලේ හෘද සැත්කම් සඳහා යොදා ගන්නා ශෛල්‍යාගාර හතරම කලක සිට වසා දමා ඇති අතර ඒවායේ සැත්කම් සිදු නොකිරීම මත රෝගීන්ගේ ජීවිත බිහිසුණු අනතුරකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

ඉන් ශෛල්‍යාගාර දෙකක් අලුත්වැඩියාව සඳහා යැයි කියමින් 2016 අප්‍රේල් මස වසා දමා ඇති අතර ඉතිරි ශෛල්‍යාගාර දෙක 2017 දෙසැම්බර් මස වසා දමා ඇත.

හෘද ශෛල්‍ය විශේෂඥ වෛද්‍යවරු පස්දෙනෙකු ශ්‍රි ලංකා ජාතික රෝහලේ සේවයේ යෙදී සිටින අතර නියමිත ශෛල්‍යකර්ම සිදුකිරීමට කිසිදු මඟක් නොමැතිවීම හේතුවෙන් එම රෝහලේ ස්නායු ක්‍ෂතික අංශයේ එක් ශෛල්‍යාගාරයක තාවකාලිකව මෙ‍ම හෘද සැතකම් ‍සිදුකෙරෙන අතර කලින් මසකට 80 ක් පමණ සිදුවූ හෘද සැත්කම් සංඛ්‍යාව මේ වන විට 20 ක් දක්වා අඩුවී ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.

මේ හේතුව නිසා නිසි කලට හෘද සැත්කම් සිදුකර නොගැනීමෙන් හෘද රෝගීන් සැලකියයුතු පිරිසත් මේ වන විට මරුමුවට පැමිණ ඇතැයි වි‍ශ්වාස කරන අතර මෙම ශෛල්‍යාගාර හතර නැවත විවෘත කිරීම කිරීම කෙරෙහි සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ අමාත්‍යාංශ මට්ටමේ නිලධාරීන්ගේ වත් රෝහල් අධ්‍යක්ෂවරයාගේ වත් නිසි අවධානයක් යොමු නොවීම විශ්මයට කරුණකැයි ශ්‍රී ලංකා ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් ලක්බිම ඔන්ලයින් වෙත කීය.

(under the courtesy of srilankamirror.lk news web)

More News »