වවුනියාව ජුම්මා පල්ලියට දැඩි ආරක්ෂාවක් - හර්තාල් නෑ (ඡායා)

2018-03-09 10:55:00       677
feature-top
වවුනියාව නගර මධ්‍යයේ පිහිටි ජුම්මා මුස්ලිම් පල්ලිය අවට ඊ‍යේ (08) රාත්‍රියේ දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි.

ඒ සඳහා පොලිස් නිළධාරීන් හා යුධ හමුදා නිළධාරීන් ගේ සහය ලබාගෙන තිබේ.

වවුනියාව මුස්ලිම් ව්‍යාපාරිකයින් අද (09) වවුනියාව නගරයේදී හර්තාලයක් පැවැත්වීමට සුදානම් වන බවට ආරංචි පැතිර තිබුණද පවතින තත්වය හමුවේ එවැන්නක් නොපැවැත්වීමට තිරණය කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.

වවුනියාව නගරයේ සෑම මුස්ලිම් දේවස්ථානයක් අවටම ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව වවුනියාව ආරක්ෂක අංශවලින් වාර්තා වේ.

(under the courtesy of srilankamirror.lk news web)




More News »