අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් කලවානෙන් අල්ලයි

2018-03-09 10:36:00       677
feature-top
මනුෂ්‍ය  ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු කලවාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදි 2017 වසරේ ගම්පහ සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ ගම්පහ ප්‍රදේශයේ දී ටි - 56 ගිනි අවි තුනක් සහ එම උණ්ඩ 168ක් මෝටර් රථයක් තුළ දමා පළායාම ඇතුළු සිද්ධීන් අනාවරණය වි තිබේ.

සැකකරු 37 හැවිරිදි ගම්පහ, මාදෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පැය 48ක කාලයක රැඳවුම් නියෝග මත ඉදිරි විමර්ශන සිදුකරයි.

එමෙන්ම සැකකරුට නවාතැන් පහසුකම් සපයමින් ඔහුට රැකවරණය ලබාදුන් පුද්ගලයෙකු ද පැලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා අද (09) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

(under the courtesy of adaderana.lk news web)

More News »