බීමත් පුතාට තාත්තා දොර පොල්ලෙන් ගහලා මරලා

2018-03-09 09:58:00       672
feature-top
බීමත්ව දිනපතා පැමිණ තමන්ට සිදුකරන හිරිහැර ඉවසිය නොහැකිව 72 හැවරදි පියා විසින් 37 හැවරදි පුතාව නිවස තුලදීම පොල්ලකින් පහරදී ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පියා සහ මරණකරුගේ බෑනා කෙනෙකු සැකපිට ඊයේ (08) රාති‍්‍ර අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිස් පවසයි.

මෙසේ පහරදී ඝාතනය කර ඇත්තේ බගවන්තලාව, බොගවනා වතුයායේ පදිංචි ආරුමුගන් සිවසුරියන් නැමති දෙදරු පියෙක්ය. 

ඊයේ රාත්‍රී 8.00 ට පමණ ඔහු පදිංචිව සිටි නිවස තුළදී තම නිවසේ  දොර පොල්ලෙන් හිසට පහරදි ඝාතනය කර ඇති බව පොලීසිය පැවසීය.

මරණකරු දිනපතා මත්පැන් පානය කර නිවසට පැමිණ තමන්ටත් තමන්ගේ බිරිදටත් දිනපතා පහරදී හිරිහැර සිදුරන බවද, තම පුතාගේ බිරිද මීට වසර විස්සකට ප‍්‍රථම වෙනම ජීවත් වන බවත් ඊයේ  රාති‍්‍ර තම බිරිදට පහරදීමට උත්සහ කළ නිසා දිනපතා තම පුතා විසින් සිදුකරන හිරිහැර ඉවසා ගත නොහැකිව දොර පොල්ලෙන් පහරදී පුතාව ඝාතනය කළ බව පියා විසින් බගවන්තලාව පොලීසියට පාපෝච්චාරණයක් කර තිබේ.
 
මෙම ඝාතනයට සම්බන්ධව සැකපිට මරණකරුගේ බෑනා කෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්‍ෂණයෙන් පසු බගවන්තලාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.


(under the courtesy of adaderana.lk news web)

More News »