මත්පැන් අලෙවිය නවත්වන ලෙස ඉල්ලා වව්නියාවේ කාන්තාවන් විරෝධතාවයක

2018-03-09 09:56:00       674
feature-top
කාන්තාවන් විශාල පිරිසක් මාර්තු මස 8 වෙනිදා ජාත්‍යන්තර කාන්තා දිනය සමරණු ලබද්දී වව්නියාවේ කාන්තාවන් පිරිසක් ශ්‍රී ලංකාව තුල මත්පැන් අලෙවිය වහාම නතර කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයක නිරත වී තිබේ.

පැය දෙකක පමණ කාලයක් වව්නියාව -මන්නාරම මාර්ගය  දෙපස එම විරෝධතාවය පැවති අතර අනතුරුව එම කාන්තාවන් මත්පැන් අලෙවිය නිසා සිදුවන හානි පිළිබදව දේශන කීපයක්ද පවත්වා තිබේ.

මත්පැන් පානය නිසා සිදුවන අපරාධ ඉහල ගොස් ඇති නිසා ශ්‍රී ලංකාවේ මත්පැන් අලෙවිය තහනම් කිරීමට රජය පියවර ගත යුතු බවයි.

වව්නියාවේ කාන්තා සංවිධාන කීපයක් විසින් කරණු ලබන මෙම ඉල්ලීම සන්දේශයක් මගින් ජනාධිපතිවරයාට යැවීමටද එම සංවිධාන පියවර ගෙන තිබුණි.


(under the courtesy of adaderana.lk news web)

More News »