කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි

2018-03-09 09:54:00       673
feature-top
මෝදර - මාදම්පිටිය,මහවත්ත හංදියේ සිට බෝගහ හංදිය දක්වා මාර්ගයේ රථ වාහන ධාවනය  අද (09) රාතී‍්‍ර නවයේ සිට සීමා කෙරෙනවා. ඒ, එම මාර්ගයේ සිදු කෙරෙන කැණීම් කටයුත්තක් හේතුවෙන්.

අද රාතී‍්‍ර නවයේ සිට ලබන සදුදා (12) අළුයම 5 දක්වා එම මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කෙරෙන බවයි පොලීසිය පැවසුවේ. මාර්ග අංක 178 බස් රථ ඇතුළු සෙසු රථ වාහනවලටද විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය දැනුම් දෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)


More News »