යුද්ධය අතහැර ට්‍රම්ප් කිම් ජොන් අන් සමඟ සාමයට සැරසෙයි

2018-03-09 09:23:00       223
feature-top
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

දකුණු කොරියානු ජාතික ආරක්ෂක උපදේශකවරයා සමඟ පැවති ධවල මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදි අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මැයි මාසයේ දී සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන අතර තවදුරටත් න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් සිදුනොකළ යුතු බවට උතුරු කොරියානු නායකයාට දැනුම්දෙන බව දකුණු කොරියානු ජාතික ආරක්ෂක උපදේශකවරයා සදහන් කර ඇත.

අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් දකුණු කොරියානු නියෝජිත පිරිසක් පසුගියදා උතුරු කොරියාව සමඟ සාකච්ඡාවල නිරත විය.

(under the courtesy of adaderana.lk news web)

More News »