මහනුවර සිද්ධියේ ප්‍රධාන සැකකරු කොළඹට! රඳවාගෙන ප්‍රශ්න කෙරේ

2018-03-09 09:14:00       674
feature-top
මහනුවර නොසන්සුන්තාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ප‍්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් දස දෙනා කොළඹට රැගෙනවිත් තිබෙනවා. ඒ, ත‍්‍රස්ත විමර්ශන ඒකකය සිදුකරන ඉදිරි පරීක්‍ෂණ සදහායි. හදිසි නීති රෙගුලාසි යටතේ දින 14 ක් රදවාගෙන ප‍්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියාසිටියේ.

මෙම සිද්ධිය මෙහෙය වු බව කියන අමිත් වීරසිංහ සහ සුරේන්ද්‍ර සුරවීර නමැති අය ද අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා. ඔවුන් ඊයේ අත්අඩංගුවට ගැණුනේ දිගන සහ පූජාපිටිය ප‍්‍රදේශවලදීයි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති චෝදනාව යටතේ සැකකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ.

මෙම සිදුවීමට සම්බන්ධ සෙසු පාර්ශව අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන්ගෙන් තවදුරටත් ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියාසිටියේ.

මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 81 ක්. 

(under the courtesy of nethnews.lk news web)

More News »