ජර්මානු රජයේ පරිගණක ජාලවලට සයිබර් ප්‍රහාරයක්

2018-03-02 11:25:00       235
feature-top
ජර්මානු රජයේ පරිගණක ජාලවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ජර්මානු රජයේ පරිගණක ජාලවලට එල්ල වී ඇති සයිබර් ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් එරට බුද්ධි අංශ අධීක්ෂණය කරන පාර්ලිමේන්තු කමිටු සභාපතිවරයා  ප්‍රකාශ කළේ එය ඉතා බරපතල සයිබර් ප්‍රහාරයක් බවයි.

ආරක්ෂක ඇමතිවරයාගේ සහ අභන්තර කටයුතු අමාත්‍යවරයාගේ පුද්ගලික පරිගණක ජාලවලට සයිබර් ප්‍රහාර වලින් බලපෑම් එල්ල වී තිබෙනවා.

ෆැන්සි බෙයාර් හෙවත් APT28 නමින් හැඳින්වෙන  රුසියානු හැකර්වරුන් කණ්ඩායමක් විසින් ඔවුන්ගේ පරිගණක ජාලවලට රහසිගතව ඇතුළු වී තිබෙන බව ජර්මනියේ ජනමාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් ජර්මන් බලධාරීන් මේ බව නිල වශයෙන් තහවුරු කර නැහැ.

2016 පැවති අමෙරිකානු ජනපතිවරණය ඇතුළු බටහිර රටවලට එල්ල කළ සයිබර් ප්‍රහාර ගණනාවකටම එම කණ්ඩායම වගකිව යුතු බව විශ්වාස කෙරෙනවා.

රුසියාවද මේ සම්බන්ධව තවමත් ප්‍රතිචාර දක්වා නැහැ.

(under the courtesy of adaderana.lk news web)

More News »