මහනුවර කණ්ඩායම ක්ලිෆර්ඩ් කිරුළ දිනා ගනී…

2018-02-26 09:12:00       710
feature-top
ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.
ඒ අවසන් මහා තරගයේදී නාවික හමුදා කණ්ඩායම පරාජය කරමිනි.

ශ්‍රී ලංකාවේ රග්බි නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය සුපිරි ක්‍රීඩක ෆසීල් මරීජා අන්තර් සමාජ රග්බි තරගාවලියේ අවසන් වරට සහභාගී වූ තරගය ද මෙයයි.

තරගය කොළඹ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණ.

පළමු අර්ධයේ සිට ම සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසි මහනුවර ක්‍රීඩකයින් එම අර්ධයේදී එක් උත්සහක දිනුමක් හා ප්‍රවර්ථනයක් සිහිතව ලකුණු 8 ක් රැස් කළේ ය.

එම අර්ධයේදී නාවික හමුදා කණ්ඩායමට කිසිදු ලකුණක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමි නොවීය.

දෙවන අර්ධයේදීද මහනුවර ක්‍රීඩකයින්ගෙන් ප්‍රබල අභියෝගයක් ප්‍රතිවාදී නාවික හමුදා කණ්ඩායමට එල්ල විය.

උත්සහක දිනුම් 2 ක් හා ප්‍රවර්ථන දෙකක් ද සමගින් එම අර්ධයේදී මහනුවර ක්‍රීඩකයින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 17කි.

ප්‍රතිවාදී නාවික හමුදා කණ්ඩායමට එම අර්ධයේදී එක් ප්‍රවර්ථනයක් හා එක් දඬුවම් පහරක් මගින් රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 7 ක් පමණි.

ඒ අනුව තරගයේ අවසන් ලකුණු සටහන දැක්වුනේ ගෝල 21 ට 7 ක් ලෙස මහනුවර ක්‍රීඩකයින්ට ජය හිමිකර දෙමිනි.

මහනුවර ක්‍රීඩා සමාජය මෙම වසරේ ලීග් ශූරතාවය මෙන්ම පිළිමළුන් පිටු දැකීමේ ශූරතාවය ද දිනා ගැනීමට සමත් විය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »