ෂෙහාන් ට ආබාධයක්

2018-02-21 01:16:00       714
feature-top

ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක කලව ප්‍රදේශයේ ආබාධයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

ඔහු මෙලෙස ආබාධයට ලක්ව ඇත්තේ පසුගියදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වූ දෙවැනි පන්දුවාර විස්සයි විස්ස තරගයේ දීය.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටින්නේ ඔහුගේ ආබාධයේ තත්ත්වය නිර්ණය කරගත හැක්කේ අද (බදාදා) දින MRI ස්කෑන් පරීක්ෂණයකට පෙනී සිටීමෙන් පසුව බවයි.

මේ තත්ත්වය හමුවේ නිදහස් කුසලානය සඳහා ෂෙහාන් ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවද එහි දැක්වේ.


(under the courtesy of srilankamirror.lk news web)

More News »